Pages

Subscribe

Sunday, May 1, 2011

ජීවිතය ගමනක් මිස ගමනාන්තයක් නොවේ

"Life is a journey, not a destination."
— Ralph Waldo Emerson




Life is a journey, not a destination –  ජීවිතය ගමනකි, ගමනාන්තයක් නොවේ යන්න ප්‍රසිද්ධ ඉංග්‍රීසි කියමනක් වේ. ජීවිතය පියවර බොහෝමයක් පියමැන ඉදිරියට යායුතු ගමනකි. ඒ ගමන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුලුවන්, ගමන් මාවත කඳුහෙල්, දුර්ග වගේම අනේක බාධක වලින් පිරී තියෙන්න පුලුවනි. මතුවෙන හැම බාධකයක්ම ලබා දෙන්නේ ජයගෙන ඉදිරියට යායුතු අවස්ථාවක්, පන්නරයක්. ඉන් ලැබෙන දහිරිය හා අත්දැකීම ඉදිරියේ දී හමුවිය හැකි පෙරටත් වඩා විශාල බාධකයක් ජයගැනීමට ඔබව සකසනවා ඇති. නැතහොත් මතුවිය හැකි බාධකය සීරුවෙන් මග හැර ඉදිරියට ඇදෙන්න උපකාරයක් වෙනවා ඇති.

බාධක ජයගෙන ඉලක්කය කරා සේන්දුවෙන්නා ජයගන්නවා. එහෙත් ජීවිතයේ ජයග්‍රහණය කියන්නේ බොහෝවිට එක් පියවරකින් දිණුම් කණුව වෙත ලඟා විය හැකි මීටර් 100ක කෙටි ධාවන තරඟයක් නොවේ, බාධක දිවීමක් - පමණක් වෙලාවට නැවැත්විය නොහැකි බාධක දිවීමක්. කඩඉමක් පසුකර ජයගන්නා ඉදිරි කඩඉම ඉලක්ක කරයුතුය. ඒ හැම ගමන් කණ්ඩයක්ම එකිනෙකට වෙනස් වෙන්න පුලුවනි.

ජීවිතය ගමනකි, ඒ ගමනේ එක් ජයග්‍රහණයක් තවත් ඉදිරියට ඇදිය යුතු ගමනට පා ඔසවන්න ලබා දෙන පුංචි විවේකයක්, රැඳවුමක් මිස නවාතැනක් නොවේ - success is a stepping stone to move forward.

ගමනේ යෙදෙන්නාගේ අභිවෘද්ධිය වගේම සමාජයේ පැවැත්ම හා දි‍යුණුව උදෙසා දුෂ්කර මග ගෙවා ඒ ගමන යායුතුවෙන්නෙමු.


ලිව්වේ: ගල්මල්-Coral
සිතුවම:  "http://www.journey2where.com/index_files/image002.jpg"

6 comments:

චේජනා said...

Success is a journey, not a destination.

කියල මට මේක අහන්න ලැබුණ මම උපාධිය අරගෙන වැඩ කරන්න ගත්තට පස්සෙ උදාවුණ පළමුවෙනි ජනවාරි පළවෙනිදා...

මට ඒක තාමත් මතකයි...

අරුණලු අඩවියේ සාර්තකත්වය වෙනුවෙනුත් මගේ සුබ පැතුම්...
දිගුකල් ඉදිරියට යන්නට ශක්තිය හා දිරිය ලැබේවා!!

නලිනි චන්දිමා said...

ජීවිතය ගමනකි~
බාධක දිවීම අතරතුරත්, කෙටි විවේකයන්හිදිත් අරුණලු වෙත පැමිණ සිතට දිරියක් ගන්නම්.
වෙහෙසෙන සිත්වලට දිරි දෙමින් අරුණලු දිනෙන් දින වැඩේවා.

ගල්මල්-Coral said...

@චේජනා:
Life is a journey, not a destination.
Success is a journey, not a destination.
කියමන් දෙක බොහෝවිට වෙන් කරන්න බැරිතරම් සමීපයි.

ජීවන ගමන් මඟේ ජයකණුව (success) කියන stepping-stone අත්පත් කරගන්නාට එතැන රැඳෙන්න බැහැ ඉදිරියටම යායුතු වෙනවා. බොහෝවිට stepping-stone ගනනාවක දෙපා තබා journeyය ඉදිරියට යන්න වෙනවා.

බොහෝම ස්තුතියි නංගී අරුණලු හි පලමු සටහන හා සුබ පැතුමට. තවද කොමන්ට් කරන්න තිබූ බාධකය පෙන්වා දීම සුළු අත්වැරදීම හදාගන්න උදව්වක් වුනා.

පසුගිය දිනවල ඇතිවූ බාධක හැම ජයගෙන ඉදිරියෙන් ඉදිරියට යන්න හැකියාව, දහිරිය හා ශක්තිය නංගිට වැඩි වැඩියෙන් ලැබේවා පතනවා.

ගල්මල්-Coral said...

@නලිනි චන්දිමා:
බහුතරයකගේ වෘත්තීයමය වශයෙන් හා පුද්ගලිකව බාධක දිවීම, කඩඉම් දිවීම කවදාවත් අවසන් වෙන්නේ නැහැ කියලයි මං හිතන්නේ. ඒ නිසා අපි කාටත් අලුතෙන් පන්නරය ලබන්න වෙනවා; හරියට පාවිච්චි කරලම ගෙවී වක ගැහෙන පිහියක් වුනත් මුවහත් කරන්න ඕන වෙනවා වගේ.

අද අපේ සමාජයේ එදාට වඩා අවස්ථාවන් තියෙනවා ඊට සාපෙක්ෂව තරඟයත් වැඩි වෙනවා. මේ කාරනා දෙක අතර ඉදිරියට යන්න උත්සාහ කරන අයට පුංචි තල්ලුවක් දෙන්න පුලුවන් නම් එය අපෙන් සමාජයට ඉටුවෙන සේවයක් වේවි කියා සිතනවා.

මේ සඳහා හැමෝටම සහබාගී වෙන්න පුලුවන් අරුණලු තුලින්.

බොහෝම ස්තුතියි නංගී සුබ පැතුමට හා සටහනට.

හරී - පිණිපළස said...

සුභ පැතුම් අයියේ, හැමදාමත් වගේ හොඳ වැඩක්,,,,

ගල්මල්-Coral said...

@හරී - පිණිපළස:
බොහෝම ස්තුතියි නංගී සුබ පැතුමට

Post a Comment